මහණෙනි, දහම් තුණෙකින් ... තෙමේත් පිසුණුබසින් දුරුවූයේ වෙයි. මෙරමාත් පිසුණුබසින් දුරුවීමෙහි සමාදන් කරවයි. පිසුණුබසින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
මහණෙනි, දහම් තුණෙකින් ... තෙමේත් පිසුණුබස් ඇතියේ වෙයි. මෙරමාත් පිසුණුබසෙහි සමාදන් කරවයි. පිසුණුබසෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
මහණෙනි, දහම් තුණෙකින් ... තෙමේත් මුසවායෙන් දුරු වූයේ වෙයි. මෙරමාත් මුසවායෙන් දුරුවීමෙහි සමාදන් කරවයි. මුසවායෙන් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
මහණෙනි, දහම් තුණෙකින් ... තෙමේත් මුසවා බණන්නේ වෙයි. මෙරමාත් මුසවා බිණීමෙහි සමාදන් කරවයි. මුසවායෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
මහණෙනි, දහම් තුණෙකින් ... තෙමේත් කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරින් දුරුවීමෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.