මහණෙනි, දහම් තුණෙකින් ... තෙමේත් කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
මහණෙනි, දහම් තුණෙකින් ... තෙමේත් අයිනාදනින් දුරු වූයේ වෙයි. මෙරමා ද අයිනාදනින් දුරු වීමෙහි සමාදන් කරවයි. අයිනාදනින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
මහණෙනි, දහම් තුණෙකින් ... තෙමේත් අයිනාදන් ගන්නේ වෙයි. මෙරමාත් අයිනාදනෙහි සමාදන් කරවයි. අයිනාදනෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
මහණෙනි, දහම් තුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි සිටියේ වේ. කවර දහම් තුණෙකින යත්: තෙමේ ද පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමා ද පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි. පණිවායෙහි දුරු වීමෙහි අනුදන්නේ ද වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
මහණෙනි, දහම් තුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම්සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ. කවර දහම් තුණෙකින යත්: තෙමේ ද පණිවා කරන්නේ වෙයි. පණිවායෙහි මෙරමා ද සමාදන් කරවයි. පණිවායෙහි අනුදන්නේ ද වෙයි. මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම් සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ.