අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

3.6.7.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (16) 6. පටිපදා වර්ගය

මහණෙනි, මේ ප්‍රතිපත්ති තුණෙකි ... සම්මාදිට්ඨිය වඩයි. සම්මාසඞ්කප්පය වඩයි. සම්මාවාචාව වඩයි. සම්මාකම්මන්තය වඩයි. සම්මාආජීවය වඩයි. සම්මාවායාමය වඩයි. සම්මාසතිය වඩයි. සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ මධ්‍යමප්‍රතිපත්තිය යි කියනු ලැබේ. මහණෙනි, මේ තුන් ප්‍රතිපත්තීහුයි.

3.6.6.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (16) 6. පටිපදා වර්ගය

මහණෙනි, මේ ප්‍රතිපත්ති තුණෙකි ... සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩයි. විරියසම්බොජ්ඣඞ්ගය වඩයි. පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි. සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. ...

3.6.5.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (16) 6. පටිපදා වර්ගය

මහණෙනි, මේ ප්‍රතිපත්ති තුනෙකි ... ශ්‍රද්ධාබලය වඩයි. වීර්‍යබලය වඩයි. ස්මෘතිබලය වඩයි. සමාධිබලය වඩයි. ප්‍රඥාබලය වඩයි. ...

3.6.4.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (16) 6. පටිපදා වර්ගය

මහණෙනි, මේ ප්‍රතිපත්ති තුනෙකි ... ශ්‍රද්ධෙන්‍ද්‍රියය වඩයි. වීර්‍යෙන්‍ද්‍රියය වඩයි. ස්මෘතීන්‍ද්‍රියය වඩයි. සමාධින්‍ද්‍රියය වඩයි. ප්‍රඥෙන්‍ද්‍රීයය වඩයි. ...

3.6.3.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (16) 6. පටිපදා වර්ගය

මහණෙනි, මේ ප්‍රතිපත්ති තුනෙකි ... ඡන්‍දය නිසා පැවැති සමාධි හා ප්‍රධානසංස්කාර යන මෙයින් සමන්වාගත ඍද්ධිපාදය වඩයි. ... වීර්‍යසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධි හා ප්‍රධානසංස්කාර යන මෙයින් සමන්වාගත ඍද්ධිපාදය වඩයි. ...