අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

3.6.2.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (16) 6. පටිපදා වර්ගය

මහණෙනි, මේ ප්‍රතිපත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ආගාඪප්‍රතිපත්තිය, පරිතප්තප්‍රතිපත්තිය, මධ්‍යම ප්‍රතිපත්ති යි. මහණෙනි, ආගාඪප්‍රතිපත්ති කවර? ... මහණෙනි, මේ ආගාඪප්‍රතිපත්තිය යි කියනු ලැබේ. මහණෙනි, පරිතප්ත ප්‍රතිපත්ති කවර? ... මහණෙනි, මේ පරිතප්ත ප්‍රතිපත්තිය යි කියනු ලැබේ. මහණෙනි, මධ්‍යම ප්‍රතිපත්ති කවර? මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් පාපක අකුශලධර්‍මයන්ගේ නූපදීම පිණිස ඡන්දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණී. ප්‍රධන් වීර්‍යය කෙරෙයි. උපන් පාපක ...

3.6.1.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (16) 6. පටිපදා වර්ගය

මහණෙනි, මේ පටිපදාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ආගාඪප්‍රතිපත්තිය, පරිතප්තප්‍රතිපත්තිය, මධ්‍යමප්‍රතිපත්ති යි. මහණෙනි, ආගාඪප්‍රතිපත්ති කවර? මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙබඳු වාද ඇතියේ වෙයි, මෙබඳු දෘෂ්ටි ඇතියේ වෙයි: කාමයෙහි දොෂයෙක් නැත කියායි. හේ කාමයෙහි පියයුතු බවට පැමිණෙයි. මහණෙනි, මේ ආගාඪප්‍රතිපත්තිය යි කියනු ලැබේ. මහණෙනි, පරිතප්තප්‍රතිපත්ති කවර? මහණෙනි, මෙලොව ඇතැමෙක් සෙලු වෙයි. හළ ආචාර ඇතියේ වෙයි. පිඬු නිමිකල අත ලෝනේ වෙයි. ‘එව, වහන්සැ’යි කීකල නො එනු ...

3.3.5.10.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (15) 5. මඞ්‌ගල වර්ගය

මහණෙනි, යම් කිසි සතත්‍ව කෙනෙක් පෙරවරු වේලෙහි කයින් සුචරිත පුරත් ද, වචනයෙන් සුචරිත පුරත් ද, සිතින් සුචරිත පුරත් ද, මහණෙනි, ඒ සත්ත්‍වයනට ශුභ පූර්‍වාහනයෙකි. මහණෙනි, යම් සතත්‍ව කෙනෙක් මධ්‍යාන සමයෙහි කයින් සුචරිත පුරත් ද, වචනයෙන් සුචරිත පුරත් ද, සිතින් සුචරිත පුරත් ද, මහණෙනි, ඒ සත්ත්‍වයනට ශුභ මධ්‍යාහ්නයෙකි. මහණෙනි, යම් සතත්‍ව කෙනෙක් සායාහන සමයෙහි කයින් සුචරිත පුරත් ද, වචනයෙන් සුචරිත පුරත් ද, සිතින් සුචරිත පුරත් ද, මහණෙනි, ඒ සත්ත්‍වයනට ශුභ සායාහනයෙකි. බ්‍රම්සරුන් කෙරෙහි ඉෂ්ටදාන ...

3.3.5.9.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (15) 5. මඞ්‌ගල වර්ගය

මහණෙනි, මේ වන්‍දනාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත් : කයින්, විසින්, සිතින්. මහණෙනි, මේ තුන් වන්‍දනාවෝ යි.

3.3.5.8.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (15) 5. මඞ්‌ගල වර්ගය

මහණෙනි, තුන් දහමෙකින් ... අපවිත්‍ර කායකර්‍මයෙන්, අපවිත්‍ර වාක්කර්‍මයෙන්, අපවිත්‍ර මනඃකර්‍මයෙන් ... මහණෙනි, තුන් දහමෙකින් ... පවිත්‍ර කායකර්‍මයෙන්, පවිත්‍ර වාක්කර්‍මයෙන්, පවිත්‍ර මනඃකර්‍මයෙන් ... මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිතයා ගුණවිසින් නොසෑරූ, නොනට ආත්මයක් පරිහරණය කෙරෙයි. අනවද්‍ය ද වෙයි, නුවණැතියන් විසින් උපවාද නොකට යුතු ද වේ, බොහෝ පින් ද රැස් කෙරෙයි ...