මහණෙනි, තුන් දහමෙකින් ... විෂමකායකර්‍මයෙන්, විෂමවාක්කර්‍මයෙන්, විෂම මනඃකර්‍මයෙන් ... මහණෙනි, තුන් දහමෙකින් ... සම වූ කායකර්‍මයෙන්, සම වූ වාක්කර්‍මයෙන්, සම වූ මනඃකර්‍මයෙන් ...
මහණෙනි, තුන් දහමෙකින් ... සාවද්‍යකායකර්‍මයෙන්, සාවද්‍යවාක්කර්‍මයෙන්, සාවද්‍යමනඃකර්‍මයෙන් ... මහණෙනි, තුන් දහමෙකින් ... අනවද්‍යකායකර්‍මයෙන්, අනවද්‍යවාක්කර්‍මයෙන්, අනවද්‍යමනඃකර්‍මයෙන් ...
මහණෙනි, කරුණු තුණෙකින් සමන්වාගත අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණවිසින් සාළ නටු ආත්මයක් පරිහරණය කරයි. සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කෙරෙයි. කවර තුන් දහමකින යත් : අකුශලකායකර්‍මයෙන්, අකුශලවාක්කර්‍මයෙන්, අකුශලමනඃකර්‍මයෙන්. මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණවිසින් සෑරූ, නටුවා වූ ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කෙරෙයි. මහණෙනි, ...
මහණෙනි, දහම් තුණෙකින් සමන්වාගත වූයේ නිරයෙහි සිටියේ වේ. කවර තුණෙකින යත් : අපවිත්‍ර වූ කායකර්‍මයෙන්, අපවිත්‍ර වූ වාක්කර්‍මයෙන්, අපවිත්‍ර වූ මනඃකර්‍මයෙන්. මහණෙනි, මේ තුන් දහමින් ... එපරිදි නිරයෙහි වේ. මහණෙනි, දහම් තුණෙකින් ... ස්වර්‍ගයෙහි වේ. කවර තුණෙකින යත් : පවිත්‍ර වූ කායකර්‍මයෙන්, පවිත්‍ර වූ වාක්කර්‍මයෙන්, පවිත්‍ර වූ මනඃකර්‍මයෙන්. මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත වූයේ ගෙණවුත් සිටියේ යම් සේ ද, එපරිද්දෙන් ස්වර්‍ගයෙහි වේ ...
මහණෙනි, දහම් තුණෙකින් සමන්වාගත වූයේ ... නිරයෙහි සිටියේ වේ. කවර දහම් තුණෙකින යත් : විෂම වූ කාකමින, විෂම වූ විසිකමින, විෂම වූ මුනිකමින ... මහණෙනි, මේ තුන් දහමින් ... නිරයෙහි වේ. මහණෙනි, දහම් තුණෙකින් ... ස්වර්‍ගයෙහි වේ. කවර දහම් තුණෙකින යත් : සම වූ කායකර්‍මයෙන්, සම වූ වාක්කර්‍මයෙන්, සම වූ මනඃකර්‍මයෙන් ... මහණෙනි, මේ තුන් දහමින් ... ස්වර්‍ගයෙහි වේ ...