මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම්සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ. කවර දහම් තුණෙකින යත් : සදොස් කාකමින, සදොස් විසිකමින, සදොස් මුනිකමින. මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත වූයේ ගෙණවූත් තැබුයේ යම්සේ ද, එපරිදි නිරයෙහි වේ. මහණෙනි, දහම් තුණෙකින් සමන්විත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි වේ. කවර තුණෙකින යත් : නිර්දොෂකායකර්‍මයෙන්, නිර්දොෂවාක්කර්‍මයෙන්, නිර්දොෂමනඃකර්‍මයෙන්. මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි ...
මහණෙනි, දහම් තුණෙකින් සමන්විත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද එපරිදි නිරයෙහි වෙයි. කවර දහම් තුණෙකින යත් : අකුශලකායකර්‍මයෙන්, අකුශලවාක්කර්‍මයෙන්, අකුශලමනඃකර්‍මයෙන්. මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ. මහණෙනි, දහම් තුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි සිටියේ වේ. කවර දහම් තුණෙකින යත් : කුශලකායකර්‍මයෙන්, කුශලවාක්කර්‍මයෙන්, කුශලමනඃකර්‍මයෙන්. මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත ...
මහණෙනි, දහම් තුණෙකින් සමන්වාගත මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි ... දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි. කවර තුන් දහමින යත්: සම්‍යග්දෘෂ්ටියෙන, සම්‍යග්ඥානයෙන, සම්‍යග්විමුක්තියෙන. මහණෙනි, මේ තුන් දහමින් යුක්ත වූ මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි, අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි, අත්‍යන්තපර්‍යවසාන ඇති, දෙවිමිනිස්නට ශ්‍රේෂඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.
මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්වාගත මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි, අත්‍යන්තයොගක්‍ෂෙමී වෙයි, අත්‍යන්තපර්‍යවසාන ඇතියේ දෙවිමිනිස්නට ශ්‍රෙෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි. කවර තුන් දහමින යත්: ඍද්ධිප්‍රාතිහාර්‍යයෙන. ආදෙශනාප්‍රාතිහාර්‍යයෙන. අනුශාසනාප්‍රාතිහාර්‍යයෙන. මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි, අත්‍යන්තයොගක්‍ෂෙමී වෙයි ... දෙවිමිනිස්නට ශ්‍රෙෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර මොරනිවාප නම් පරිව්‍රාජකාරාමයෙහි වැඩ වෙසෙති. එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. ... මහණෙනි, දහම් තුණෙකින් සමන්වාගත මහණ අත්‍යන්ත නිෂ්ඨ වෙයි. අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි. අත්‍යන්තපර්‍යවසාන ඇතියේ දෙව්මිනිස්නට ශ්‍රෙෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි. කවර තුන් දහමින යත්: අශෛක්‍ෂ ශීලස්කන්‍ධයෙන, අශෛක්‍ෂ සමාධිස්කන්‍ධයෙන, අශෛක්‍ෂ ප්‍රඥාස්කන්‍ධයෙන මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි. අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි. ...