මහණෙනි, භද්‍ර පුරුෂාජානීයයෝ තුන් දෙනා කවරහ යත්: මහණෙනි, මෙ ලොව භද්‍ර පුරුෂාජානීයයා ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි. මහණෙනි, කෙසේ භද්‍ර පුරුෂජානීයයා ජවසම්පන්නත් වේ ද, වර්‍ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්නත් වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චෙතොවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙයි. මේ ඔහුගේ ඥානජවය වෙති යි කියමි. අභිධර්‍මයෙහි ලා අභිවිනයෙහි ...
මහණෙනි, සදශ්වසදෘශ තුන් පුරුෂයෝ කවරහ? මහණෙනි, මෙලොව ඇතැම් පුරුෂසදශ්වයෙක් ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරොහපරිණාහසම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරුෂසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරොහපරිණාහසම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරුෂසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරොහපරිණාහසම්පන්නත් වෙයි. මහණෙනි, කෙසේ පුරුෂසදශ්ව තෙමේ ජවසම්පන්න වේ ද, වර්‍ණසම්පන්න නො වේ ද ...
මහණෙනි, තුන් පුරිස්ගුණ්ඩයෝ කවරහ යත්: මහණෙනි, මෙලොව ඇතැම් පුරිස්ගුණ්ඩයෙක් ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරොහපරිණාහසම්පන්න නො ද වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරිස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරොහපරිණාහ සම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරිස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරොහපරිණාහ සම්පන්න ද වෙයි. මහණෙනි, කෙසේ නම් පුරිස්ගුණ්ඩයා ජවසම්පන්න වේ ද, වර්‍ණසම්පන්න නො වේ ද, ...
මහණෙනි, මේ වෘද්ධීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ශ්‍රද්ධාවෘද්ධිය, ශීලවෘද්ධිය, ප්‍රඥාවෘද්ධි යි. මහණෙනි, මේ තුන් වෘද්ධීහු යි.
මහණෙනි, මේ සම්පත්හු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ශ්‍රද්ධාසම්පදාය, ශීලසම්පදාය, ප්‍රඥාසම්පදා යි. මහණෙනි, මේ තුන් සම්පත්හු යි.