මහණෙනි, යම් පරිදි යම් කිසි හුයින් වියූ වස්ත්‍රයෝ ඇද්ද, ඒ පවුරු අතුරෙන් කේසකම්බල නිකෘෂ්ටය යි කියනු ලැබේ. මහණෙනි, කේසකම්බලය ශීතකාලයෙහි ශීතය, උෂ්ණකාලයෙහි උෂ්ණය, දුර්‍වර්‍ණය, දුර්‍ගන්‍ධය, දුඃඛස්පර්‍ශ ඇත්තේ ය. මහණෙනි, එපරිදි ම යම් කිසි මහත් ශ්‍රමණප්‍රවාදයෝ ඇද්ද, ඔවුනතුරෙන් මක්ඛළීවාදය නිකෘෂ්ටය යි කියනු ලැබේ. මහණෙනි, මක්ඛලී මූඪ පුරුෂ මෙබඳු වාද ඇතියේ වෙයි. මෙබඳු දෘෂ්ටි ඇතියේ වෙයි: “කර්‍මයෙක් නැත, ක්‍රියායෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත” යි කියා යි. මහණෙනි, අතීතයෙහි යම් ම අර්‍හත් සම්‍යක් ...
මහණෙනි, තථාගතයන් වහන්සේගේ උපතින් හෝ තථාගතයන් වහන්සේගේ නූපතින් හෝ “සියලු සංස්කාරයෝ අනිත්‍යයහ” යන ඒ ධර්‍මධාතුව ස්වභාවස්ථිතිතාව ස්වභාවනියාමතාව සිටියා ම වෙයි. තථාගතයන් වහන්සේ එය අවබෝධ කෙරෙති, අභිසමය කෙරෙති. අවබෝධ කොට අභිසමය කොට “සියලු සංස්කාරයෝ අනිත්‍යයහ”යි වදාරත්, දෙසත්, පණවත්, ප්‍රකාරයෙන් පිහිටුවත්, විවරණ කෙරෙත්, විභාග කෙරෙත්, ආවිර්භූත කෙරෙත්. මහණෙනි, තථාගතයන් වහන්සේගේ උපතින් හෝ තථාගතයන් වහන්සේගේ නූපතින් හෝ “සියලු සංස්කාරයෝ ...
මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්වාගත මිත්‍රයා සෙවියයුතු යි. කවර අඞ්ග තුණෙකින යත්: නොදියහෙන දැය දෙයි. නොකටහැකි දැය කෙරේ. නොසිහියහෙන දැය සෙහේ. මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්වාගත මිත්‍රයා සෙවියයුතු ය.
මහණෙනි, මේ පර්‍ෂද්හු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: නො පිළිවිස විනීත හෙයින් දුර්විනීත පර්‍ෂද්ය, පිළිවිස විනීත හෙයින් සුවිනීත පර්‍ෂද්ය, පමණ විසින් විනීත හෙයින් ප්‍රමාණවත් සේ විනීත පර්‍ෂද්ය (අදහස් දැන් විනීත පර්‍ෂද්ය). මහණෙනි, මේ තුන් පර්‍ෂද්හු යි.
මහණෙනි, එපරිදි ම අඞ්ග තුණෙකින් සමන්වාගත මහණ ආහුන සඞ්ඛ්‍යාත පූජාවට නිසි ය ... ලෝකයට අනුත්තර වූ පුණ්‍යක්‍ෂෙත්‍ර ද වෙයි. කවර අඞ්ග තුණෙකින යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ දූරෙපාතීත් වෙයි, අක්ඛණවෙධිත් වෙයි, මහත් කය බිඳුනේත් වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ දූරෙපාතී වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඔළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි රූපායතනයෙක් ඇද්ද, ...