මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් විද්‍යාමානය හ. කවර තුන් දෙනෙක යත්: ශිලාලෙඛාවට බඳු පුද්ගලය, පෘථිවිලෙඛාවට බඳු පුද්ගලය, ජලලෙඛාවට බඳු පුද්ගල යි. මහණෙනි, ශිලාලෙඛාවට බඳු පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ කෝපය දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ වැටෙයි. මහණෙනි, යම් පරිදි ශිලාලේඛාව වාතයෙන් වේවයි, උදකයෙන් වේවයි වහා නොනස්නී ද, චිරස්ථායිනී වේ ද, මහණෙනි, එපරිදි ම මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය ද දිර්‍ඝරාත්‍රයෙහි ...
මහණෙනි, මේ කාරණයෝ තුන් දෙනෙක් පිළිසන්ව වහත්. විවෘත ව නො වහත්. කවර තුන්දෙනෙක යත්: මහණෙනි, මාගම පිළිසන්ව වහයි. විවෘතව නොවහයි. මහණෙනි, බමුණන්ගේ වෙදමන්ත්‍රයෝ පිළිසන්ව වහත්. විවෘතව නො වහත්. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය පිළිසන්ව වහයි. විවෘතව නොවහයි. මහණෙනි, මේ කාරණයෝ තුන් දෙන පිළිසන්ව වහත්. විවෘතව නො වහත්. මහණෙනි, මේ කාරණයෝ තිදෙනෙක් විවෘතව බබලත්, පිළිසන්ව නො බබලත්. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, සඳමඬල විවෘතව බබලයි. පිළිසන්ව නො බබලයි ...
එකත්පස්ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල සැළ කළහ. කියග ශාරිපුත්‍රයෙනි, මම පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් සහස්‍රලෝකය බලමි. මා විසින් වීර්‍යය ඇරඹින. නොසැඟවින. ස්මෘතිය එළඹ සිටුනීය. මුෂිත නොවූවාය. නාමකය සංහිඳින. සාරද්ධ රහිතය. සිත සමාහිතය. එකඟය. එහෙත් මාගේ සිත උපාදානවශයෙන් නොගෙණ ආස්‍රවයන් කෙරෙන් නොමිදෙයි. [සැරියුත්:] කියග අනුරුද්ධය, යම් හෙයෙකින් තොපට මෙසිත් වේ ද: ‘මෙසේ මම විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටුනා දිවැසින සහස්‍රලෝකය බලමි’ යි. මේ ...
එසඳ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මම විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහව සිටි නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹ සිටුනා මාගම් භූයොභාවයෙන් දක්මි. වහන්ස, කෙතෙක් දහමින් සමන්වාගත මාගම කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහ වූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹේ ද? අනුරුද්ධය, දහම් තුණෙකින් සමන්වාගත වූ මාගම කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහව සිටි නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙයි ...
භාග්‍යවතුන් වහන්සේ ගෙරින් විකොටගන්නා තැනෙක වූ පුලිල ගසක් සමීපයෙහි පිඬුපිණිස වඩනා සේක් ධ්‍යානසුඛ නැතියෙන් අල්පාශ වූ, කාමගුණ සුඛවශයෙන් බාහිරාශා ඇති, එයින් ම මුළා සිහි ඇති, සම්ප්‍රඥාන රහිත, සමාහිත නොවූ, විභ්‍රාන්ත සිත් ඇති, නොදැමුනු ඉඳුරන් ඇති මහණක්හු දුටුසේක. ඒ මහණහු දැක තෙල වදාළහ: මහණ, මහණ, තෝ ආත්මය නහමක් ඉඳුල් කරව. මහණ ඉඳුල් කළ, ක්‍රෝධ සඞ්ඛ්‍යාත ආමගන්‍ධයෙහි තෙත් වූ ඒ ආත්මය කෙලෙස් මැස්සෝ නැගී ලුහු නො බඳිති, ලුහුබැඳ නො කති යන තෙල කරුණ ඒකාන්තයෙන් නොවේ. ...