අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

3.3.3.5. හත්‌ථක සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (13) 3. භරණ්ඩු වර්ගය

එකත්පස්ව සිටි හත්‍ථක දෙව්පුත්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ: හත්‍ථකය, පෙර මනුෂ්‍ය වූ තොපට යම් ඒ දහම්හු (හැදෑරීමෙන්) වණපොත්ව වැටුනාහු ද, ඒ දහම්හු තොපට දැනුත් වණපොත්ව වැටෙත් ද?. වහන්ස, යම් ඒ දහම්හු පෙර මනුෂ්‍ය වූ මට වණපොත්ව වැටුනාහු ද, ඒ දහම්හුත් දැන් මට වණපොත්ව වැටෙති. වහන්ස, යම් ඒ දහම්හු පෙර මනුෂ්‍ය වූ මට වණපොත්ව නොවැටුනාහුද ඒ දහම්හුත් දැන් මට වණපොත්ව ඇත. වහන්ස, යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු, භික්‍ෂූණි, උපාසක, උපාසිකා, රාජ රාජමහාමාත්‍ය, තීර්‍තථක ...

3.3.3.4. භරණ්‌ඩුකාලාම සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (13) 3. භරණ්ඩු වර්ගය

එකත්පස්ව හුන් මහානාම ශාක්‍යරජුට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ: මහානාමය, ලෝකයෙහි මේ ශාස්තෲහු තුන් දෙනෙක් විද්‍යාමානයහ. කවර තුන් දෙනෙක යත්: මහානාමය, මෙලොව කිසි ශාස්තෘ කෙනෙක් කාමයන්ගේ ප්‍රහාණය පණවත්. රූපයන්ගේ ප්‍රහාණය නො පණවත්. වේදනාවන්ගේ ප්‍රහාණය නො පණවත්. මහානාමය, මෙලොව කිසි ශාස්තෘ කෙනෙක් කාමයන්ගේ ද ප්‍රහාණය පණවත්. රූපයන්ගේ ද ප්‍රහාණය පණවත්. වෙදනාවන්ගේ ප්‍රහාණය නො පණවත්. මහානාමය, මෙලොව කිසි ශාස්තෘ කෙනෙක් කාමයන්ගේ ද ප්‍රහාණය පණවත් ...

3.3.3.3. ගොතමකචෙතිය සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (13) 3. භරණ්ඩු වර්ගය

එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක. මහණෙනි, මම විශිෂ්ටඥානයෙන් අවබෝධ කොට දහම් දෙසමි. අවබෝධ නොකොට නො දෙසමි. මහණෙනි, මම හේතු සහිත කොට දහම් දෙසමි. හේතු රහිත කොට නො දෙසමි. මහණෙනි, මම ප්‍රත්‍යනීකධර්‍මයන් නෙරලීම් සහිත කොට දහම් දෙසමි. නෙරලීම් රහිත කොට නො දෙසමි. මහණෙනි, අවබෝධ කොට ගෙණ දහම් දෙසන අවබෝධ නොකොට නො දෙසන, නිදාන සහිත කොට ගෙණ දහම් දෙසන, නිදාන රහිත කොට නො දෙසන, ප්‍රත්‍යනීකධර්‍මයන් නෙරලීම් සහිත කොට ගෙණ දහම් දෙසන, ...

3.3.3.2. භණ්‌ඩන සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (13) 3. භරණ්ඩු වර්ගය

මහණෙනි, යම් දිගෙක මහණහු හටගත් භණ්ඩන ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට වැදුනාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙත් ද, මහණෙනි, මට තෙල දිග මෙනෙහි කරන්නට ද පහසු නොවේ. යන්නට කැලම ය. “ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් කරුණු තුණක් හැරපියති. කරුණු තුණක් බහුල වශයෙන් කෙරෙති” යී මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි. කවර කරුණු තුණක් හැරපියත් ද යත්: නිෂ්කාමවිතර්‍කය, අව්‍යපාදවිතර්‍කය, අවිහිංසාවිතර්‍කය යන මේ තුන් දහම් හැරපියත්. කවර කරුණු තුණක් බහුල වශයෙන් කෙරෙත් ද යත්: කාමවිතර්‍කය, ...

3.3.3.1. කුසිනාර සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (13) 3. භරණ්ඩු වර්ගය

එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක ... මහණෙනි, මෙ සස්නෙහි මහණෙක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට ගෙණ වෙසෙයි. ඔහු කරා ගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්‍රයෙක් හෝ එළඹ සෙටදවස වියයුතු බොජ සඳහා බතින් නිමන්ත්‍රණය කෙරෙයි. මහණෙනි, කැමැති වන මහණ ඉවසයි. හේ එරැය ගෙවීයෑමෙන් පෙරවරු හැඳපෙරෙව පාසිවුරු ගෙණ ඒ ගෘහපතියාගේ හෝ ගෘහපතිපුත්‍රයාගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැණ වූ අස්නෙහි හිඳුනේය. ඒ මහණ ඒ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ ප්‍රණීත වූ ඛාද්‍යයෙන් ...