මහණෙනි, මේ මුනිභාවයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත් : කායද්වාරයෙහි මුනිභාවය, වාග්ද්වාරයෙහි මුනිභාවය, මනොද්වාරයෙහි මුනිභාව යි. මහණෙනි, කායද්වාරයෙහි මුනිභාවය කවරේ ය යත් : මහණෙනි, මෙසස්නෙහි මහණ පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. අබ්‍රම්සරින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ කායද්වාරයෙහි මුනිභාවය යි කියනු ලැබේ. මහණෙනි, වාග්ද්වාරයෙහි මුනිභාවය කවරේ ය යත් : මහණෙනි, මෙසස්නෙහි මහණ මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් දුරුවූයේ වෙයි ...
මහණෙනි, මේ ශුචිභාවයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත් : කායද්වාරයෙහි ශුචිභාවය, වාග්ද්වාරයෙහි ශුචිභාවය, මනොද්වාරයෙහි ශුචිභාව යි. මහණෙනි, කායද්වාරයෙහි ශුචිභාවය කවරේය යත් : මහණෙනි, මෙසස්නෙහි මහණ, පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. අබ්‍රම්සරින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ කායද්වාරයෙහි ශුචිභාවය යි කියනු ලැබේ. මහණෙනි, වාග්ද්වාරයෙහි ශුචිභාවය කවරේය යත් : මහණෙනි, මෙසස්නෙහි මහණ, මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් දුරුවූයේ වෙයි ...
මහණෙනි, මේ ශුචිභාවයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත් : කායද්වාරයෙහි ශුචිභාවය, වාග්ද්වාරයෙහි ශුචිභාවය, මනොද්වාරයෙහි ශුචිභාව යි. මහණෙනි, කායද්වාරයෙහි ශුචිභාවය කවරේය යත් : මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ කායද්වාරයෙහි ශෞචය යි කියනු ලැබේ. මහණෙනි, වාග්ද්වාරයෙහි ශුචිභාවය කවරේය යත් : මහණෙනි, මෙලොව ඇතැමෙක් මුසවායෙන් දුරු වූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් ...
මහණෙනි, මේ විපත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත් : කර්‍මාන්තවිපත්තිය, ආජීවවිපත්තිය, දෘෂ්ටිවිපත්ති යි. මහණෙනි, කර්‍මාන්තවිපත්ති කවර? මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි ... සම්ඵප්පලප ඇතියේ වෙයි. මහණෙනි, මේ කර්‍මාන්තවිපත්ති යි කියනු ලැබේ. මහණෙනි, ආජීවවිපත්ති කවර? මහණෙනි, මෙලොව ඇතැමෙක් මිථ්‍යාආජීව ඇතියේ වෙයි. මිථ්‍යාආජීවයෙන් ජීවිකා කෙරෙයි. මහණෙනි, මේ ආජීවවිපත්ති යි කියනු ලැබේ. මහණෙනි, දෘෂ්ටිවිපත්ති කවර? මහණෙනි, මෙලොව ඇතැමෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන ...
මහණෙනි, මේ විපත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත් : ශීලවිපත්තිය, චිත්තවිපත්තිය, දෘෂ්ටිවිපත්ති යි. මහණෙනි, ශීලවිපත්ති කවර? මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි. ... සම්ඵප්පලාප ඇතියේ වෙයි. මහණෙනි, මේ ශීලවිපත්ති යි කියනු ලැබේ. මහණෙනි, චිත්තවිපත්ති කවර? මහණෙනි, මෙ ලොව ඇතැමෙක් අභිජ්ඣාබහුල වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැතියේ වෙයි. මහණෙනි, මේ චිත්තවිපත්ති යි කියනු ලැබේ. මහණෙනි, දෘෂ්ටිවිපත්ති කවර? මහණෙනි, මෙ ලොව ඇතැමෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන ...