මහණෙනි, මේ විපත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත් : ශීලවිපත්තිය, චිත්තවිපත්තිය, දෘෂ්ටිවිපත්ති යි. මහණෙනි, ශීලවිපත්ති කවර? මහණෙනි, මෙලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි. පිසුණුබස් ඇතියේ වෙයි. පරුස්බස් ඇතියේ වෙයි. සමඵප්පලප ඇතියේ වෙයි. මහණෙනි, මේ ශීලවිපත්ති යි කියනු ලැබේ. මහණෙනි, චිත්තවිපත්ති කවර? මහණෙනි, මෙ ලොව ඇතැමෙක් අභිධ්‍යා බහුල වෙයි. ව්‍යාපාදයට පත් සිතැත්තේ වෙයි. මහණෙනි, මේ ...
මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර තුන් දෙනෙක යත් : මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් සමතික්‍රමණය කිරීමෙන් ප්‍රතිඝසංඥාවන් අස්තඞ්ගම කිරීමෙන් නානාත්‍වසංඥාවන් මෙනෙහි නො කිරීමෙන් “ආකාශය අනන්තය” යි ගෙණ ආකාශානාන්ත්‍යායතනයට එළඹ වෙසෙයි. හේ ඒ ධ්‍යානය ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානය පතයි. ඒ ධ්‍යානයෙන් තුෂ්ටියට පැමිණෙයි. ඒ ධ්‍යානයෙහි සිටියේ ඒ ධ්‍යානයෙහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විහරණ ඇතියේ ඒ ධ්‍යානයෙන් නො පිරිහුනේ ...
මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර තුන් දෙනෙක යත් : සුවසේ මිනිය හැකි පුද්ගලය, දුකසේ මිනිය හැකි පුද්ගලය, නොමිනිය හැකි පුද්ගලයි. මහණෙනි, සුවසේ මිනිය හැකි පුද්ගල කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් උද්ධත වේ. ඔසොවා ලූ මානනල ඇතියේ වේ. පාත්‍රමණ්ඩනාදි චාපල්‍යය ඇතියේ වෙයි. දොඩමලු වෙයි. අසංයත වචන ඇතියේ වෙයි. මුළා සිහි ඇතියේ වෙයි. සමප්‍රඥාන නැත්තේ වෙයි. චිතෛතකාග්‍රතා නැතියේ වෙයි. භ්‍රාන්ත සිත් ඇතියේ වෙයි. විවෘත ඉඳුරන් ඇතියේ වෙයි. මහණෙනි ...
මහණෙනි, තුන් දෙනෙකුන්ගේ ප්‍රාදුර්‍භාවය ලෝකයෙහි දුර්‍ලභය. කවර තුන් දෙනකුගේය යත් : මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ ප්‍රාදුර්‍භාවය ලෝකයෙහි දුර්‍ලභ ය. තථාගතයන් වහන්සේ වදාළ ධර්‍මවිනය දෙසන පුද්ගල ලෝකයෙහි දුර්‍ලභය. කෘතඥ - කෘතවේදී පුද්ගල ලෝකයෙහි දුර්‍ලභයි. මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනාගේ ප්‍රාදුර්‍භාවය ලෝකයෙහි දුර්‍ලභ වෙයි ...
මහණෙනි, (බ්‍රහ්මචාරීප්‍රතිඥාභාවාදි) මේ පාපධර්‍ම තුණ නො හැර සිටුනා මොහු තුන් දෙන අපායගාමීහු වෙත්. නිරයගාමීහු වෙත්. කවර තුන් දෙනක යත් : යමෙක් අබ්‍රහ්මචාරී වූයේ බ්‍රහ්මචාරීප්‍රතිඥා ඇතියේ වේ ද, යමෙක් ශුදධ වූ බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නහු අමූලක අබ්‍රහ්මචර්‍ය්‍යවාදයෙන් නිගන්නේ ද, යමෙක් කාමයෙහි දෝෂයෙක් නැතැයි හේ කාමයෙහි පරිභොග කටයුතු බවට පැමිණේ ද, මෙබඳු වාද ඇති’ මෙබඳු දෘෂ්ටි ඇති, මෙ තෙමේ ය යන තුන් දෙනයහ. මහණෙනි, මේ පාපධර්‍ම තුණ නො හැර සිටුනා මොහු තුන් දෙන ආපායික් වෙත්. නෙරයික් වෙත් ...