අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

3.3.1.10.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (11) 1. සම්‌බෝධි වර්ගය

මහණෙනි, වට්ටගාමී කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස මේ නිදානයෝ තුන් දෙනෙකි: කවර තුන් දෙනෙක යත්: මහණෙනි, අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදී. මහණෙනි, අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදී. මහණෙනි, ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන් අරභයා තෘෂණාච්ඡන්‍දය උපදී. මහණෙනි, කෙසේ අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදනේ ය යත්: මහණෙනි, අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්‍කණය කෙරෙයි, ...

3.3.1.9.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (11) 1. සම්‌බෝධි වර්ගය

මහණෙනි, වට්ටගාමීකර්‍මයන්ගේ පිඬුකිරීම පිණිස මේ කාරණයෝ තුන් දෙනෙක් වෙති. කවර තුන් දෙනෙක යත්: කර්‍මයන්ගේ රැස් කිරීම පිණිස ලෝභය කාරණයෙකි. කර්‍මයන්ගේ රැස් කිරීම පිණිස ද්වෙෂය කාරණයෙකි. කර්‍මයන්ගේ රැස් කිරීම පිණිස මෝහය කාරණයෙකි. මහණෙනි, ලෝභයෙන් කළ, ලෝභයෙන් උපන්, ලෝභය නිදන් කොට ඇති, ලෝභය කරුණු කොට ඇති, යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය අකුශලය, ඒ කර්‍මය සදොෂය, ඒ කර්‍මය දුඃඛවිපාකය, ඒ කර්‍මය අන්‍යකර්‍මයන් රැස්කිරීම පිණිස ද පවතී. ඒ කර්‍මය වට්ටගාමීකර්‍මයන්ගේ නිරොධය පිණිස නො ...

3.3.1.8.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (11) 1. සම්‌බෝධි වර්ගය

එකත්පස්ව හුන් අනේපිඬු සිටුහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ හ: ගෙහෙවිය, සිත පෙරළියාව සිටි කල්හි කායකර්‍මය ද පෙරළියා වෙයි. වාක්කර්‍මය ද පෙරළියා වෙයි. මනඃකර්‍මය ද පෙරළියා වෙයි. පෙරළියා වූ කායකර්‍මාන්ත ඇති, පෙරළියාවූ වාක්කර්‍මාන්ත ඇති, පෙරළියා වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර නොවෙයි. කාලක්‍රියාව භද්‍රිකා නොවෙයි. ගෙහෙවිය, යම් පරිදි කුළුගෙය නපුරු කොට සෙවෙනි කළ කල කූටයත් විපන්නේ වෙයි. ගොනැස්හුත් විපන්හු වෙති. බිතත් විපන් වෙයි. ගෙහෙවිය, එපරිදි ම සිත පෙරළි කල්හි කායකර්‍මය ද පෙරළියා ...

3.3.1.7.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (11) 1. සම්‌බෝධි වර්ගය

එකත්පස්ව හුන් අනේපිඬු ගෙහෙවිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ: ගෙහෙවිය, සිත නොරක්නා ලද කල්හි කායකර්‍මය ද නොරැකුනේ වෙයි. වාක්කර්‍මය ද නොරැකුනේ වෙයි. මනඃකර්‍මය ද නොරැකුනේ වෙයි. නොරැකුනූ කායකර්‍මාන්ත ඇති, නොරැකුනු වාක්කර්‍මාන්ත ඇති, නොරැකුනු මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද කෙලෙසින් තෙත් වූයේ වෙයි. වාක්කර්‍මය ද කෙලෙසින් තෙත් වූයේ වෙයි. මනඃකර්‍මය ද කෙලෙසින් තෙත් වූයේ වෙයි. තෙත් වූ කායකර්‍මාන්ත ඇති, තෙත් වූ වාක්කර්‍මාන්ත ඇති, තෙත් වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද ...

3.3.1.6.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (11) 1. සම්‌බෝධි වර්ගය

මහණෙනි, කරුණු තුන් දෙනකුන්ගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත. කවර තුන් දෙනකුන්ගේ ද යත්: මහණෙනි, නිද්‍රාවගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත. මහණෙනි, සුරාමේරයපානයාගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත. මහණෙනි, මෛථුනධර්‍මසමාපත්තියගේ ප්‍රතිසෙවනායෙහි තෘප්තියෙක් නැත. මහණෙනි, මේ තුන්දෙනාගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත.