අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

3.3.1.5.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (11) 1. සම්‌බෝධි වර්ගය

මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි ගීතය නම් හැඬීමෙකි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි නෘත්‍යය නම් උමතු ක්‍රියායෙකි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි අත්‍යර්‍තථයෙන් දත් විදහා කරණ සිනාව නම් කුමරුන් කරණ දැයෙකි (ලමා කමෙකි). මහණෙනි, එහෙයින් ගීතයෙහි හේතු නැස්ම වේවා නෘත්‍යයෙහි හේතු නැස්ම වේවා. කිසියම් කරුණෙකින් ප්‍රමුදිත වූ තොපට මඳ සිනායෙක් වේ නම් ඒ දත් අගමතු දක්වා කරණ සමිතමාත්‍රයට ම යුතු ය.

3.3.1.4.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (11) 1. සම්‌බෝධි වර්ගය

මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි නො දනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මා විසින් ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණයහ යි සම්මත නොවෙති. බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණයහ යි සම්මත නොවෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රාමණ්‍යාර්‍තථ බ්‍රාහ්මණ්‍යාර්‍තථ සඞ්ඛ්‍යාත චතුර්විධ ආර්‍ය්‍යමාර්‍ගඵල ඉහාත්මයෙහි ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයාගෙන නො වෙසෙත්. මහණෙනි, යම් කිසි ...

3.3.1.3.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (11) 1. සම්‌බෝධි වර්ගය

මහණෙනි, ඉදින් ලෝකයෙහි ආස්වාදයෙක් නො වී නම් සත්ත්‍වයෝ ලෝකයෙහි නො ඇලෙති. මහණෙනි, යම් හෙයෙකින් ලෝකයෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් ලෝකයෙහි සත්ත්‍වයෝ ඇලෙති. මහණෙනි, ඉදින් ලෝකයෙහි ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ ලෝකයෙහි නො කලකිරෙති. මහණෙනි, යම් හෙයෙකින් ලෝකයෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ කලකිරෙති. මහණෙනි, ඉදින් ලෝකයෙහි නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ ලෝකයෙහි නිස්සරණ නො කෙරෙති. මහණෙනි, යම් හෙයෙකින් ලෝකයෙහි ...

3.3.1.2.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (11) 1. සම්‌බෝධි වර්ගය

මහණෙනි, මම ලෝකයාගේ ආස්වාදපර්‍ය්‍යෙෂණය කෙළෙමි. ලෝකයෙහි යම් ආස්වාදයෙක් ඇද්ද, එය අවබෝධ කෙළෙමි. ලෝකයෙහි යම් පමණ ආස්වාදයෙක් ඇද්ද, මා විසින් තෙල ආස්වාදය ප්‍රඥායෙන් දක්නාලදි. මහණෙනි, මම ලෝකයාගේ ආදීනව පර්‍ය්‍යෙෂණය කෙළෙමි. ලෝකයෙහි යම් ආදීනවයෙක් ඇද්ද, එය අවබෝධ කෙළෙමි. ලෝකයෙහි යම් පමණ ආදීනවයෙක් ඇද්ද, මා විසින් තෙල ආදීනවය ප්‍රඥායෙන් දක්නා ලදී. මහණෙනි, මම ලෝකයාගේ නිස්සරණ පර්‍ය්‍යෙෂණය කෙළෙමි. ලෝකයෙහි යම් නිස්සරණයෙක් ඇද්ද, එය ...

3.3.1.1.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (11) 1. සම්‌බෝධි වර්ගය

මහණෙනි, සම්‍යක් සම්බොධියෙන් කැල ම චතුස්සත්‍යාවබොධ නො කළ බෝසත් වූ ම මට මෙබඳු සිතෙක් විය: ලෝකයෙහි ආස්වාදය කවරේය, ආදීනව කවරේය, නිස්සරණය කවරේය යි. මහණෙනි, ඒ මට තෙල සිත් විය: යම් හෙයෙකින් ලෝකයෙහි යමක් නිසා සුඛය හා සෞමනස්‍යය උපදනේ ද, මේ ලෝකයෙහි ආස්වාද යි. යම් හෙයෙකින් ලෝකය අනිත්‍ය වේ ද, දුඃඛ වේ ද, විපරිණාමස්වභාව වේ ද, මේ ලෝකයෙහි ආදීනව යි. යම් හෙයෙකින් ලෝකයෙහි ඡන්‍දරාගයාගේ විනයයෙක් වේ ද, ඡන්‍දරාගයාගේ ප්‍රහාණයෙක් වේ ද, මේ ලෝකයෙහි නිස්සරණ වෙ යි. ...