යම් මිනිසෙක් ගුහා සඞ්ඛ්‍යාත ශරීරයෙහි ඇලුණේ බොහෝ රාගාදි කෙලෙසුන් විසින් වැසුණේ රාගාදි වශයෙන් සිටුනේ මොහන සඞ්ඛ්‍යාත පස්කම් ගුණයෙහි දැඩි වැ බැසගත්තේ වේ ද, එබඳු වූ ඒ සත්ත්ව තෙම ත්‍රිවිධ විවෙකයෙන් දුර මැ වෙයි. යම් හෙයකින් සත්ලොව්හි කාමයෝ සුවයෙන් නො හළ හැක්කාහු ද එහෙයිනි. සත්තො ගුහායං බහුනාභිඡන්නො - 'සත්තො' යනු කියනලද මැය. එතෙකුදු වත් පළමු කොට 'ගුහා' කියැ යුතු යැ. "ගුහා"යී කය කියනු ලැබේ. 'කාය' යැ හෝ, (රාගාදි ව්‍යාලයන් ...
මහණෙනි, (සමථවිදර්‍ශනාචිත්ත සඞ්ඛ්‍යාත) අධිචිත්තයෙහි යෙදුනු මහණහු විසින් කාරණයෝ තුන් දෙනෙක් කලින් කල මෙනෙහි කළ යුත්තාහ: කලින් කළ සමාධි සඞ්ඛ්‍යාත ඒකාග්‍රතා නිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින්කල වීර්ය්‍ය සඞ්ඛ්‍යාත ප්‍රග්‍රහ නිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කල ස්මෘතිමධ්‍යස්ථතා සඞ්ඛ්‍යාත උපේක්‍ෂානිමිත්ත මෙනෙහි කළ යුතුය. මහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට සමාධිනිමිත්ත ම මෙනෙහි කරන්නේ වේ නම්, ඒ සිත කුසීතභාවයට වැටෙන්නේ ය යන මෙකරුණ වෙයි. මහණෙනි, ඉදින් ...
මහණෙනි, ජාතරූපයා (රන්හු) ගේ පස් හා වැලිය, සකුරු හා කැබිලිති යයි ඔළාරික උපක්ලෙශයෝ ඇත. ඒ උපක්ලෙශ පස්දෝනේ හෝ පස් දෝනහුගේ අතවැසියෙක් හෝ දෙණෙහි විසුරුවා දෝනේය. මොනොවට දෝනේය. නිගෙණ දෝනේය. ඒ උපක්ලෙශ ප්‍රහත වත් මැ ඒ උපක්ලෙශ වාන්ත කොට ලත්මැ රන්හුගේ සියුම් සකුරුය, දළ වැලිය යි මධ්‍යම සහගතඋපක්ලෙශයෝ ඇත. ඒ උපක්ලෙශ පාංශුධාවක හෝ පාංශුධාවකයා අතවැසියෙක් හෝ සලයි. මොනොවට සලයි, පෙළාගෙණ සලයි. ඒ උපක්ලෙශ ප්‍රහත වත් ම ඒ උපක්ලෙශ විගත කොට ලත් ම ...
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයක්හු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ වේ ද, ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට එළවයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයක්හු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ දෘෂ්ටධර්‍මවෙද්‍ය වෙයි. පරලොව අණුමාත්‍රයකුදු විපාක විසින් නො පැණේ. බොහෝ (විපාක දෙයි කියනු) කිම? මහණෙනි, කෙබඳු අයුරු ඇති පුද්ගලයක්හු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට එළවා ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කායභාවනා නැතියේ ...
මහණෙනි, නව්‍ය වූත් වාකමය වස්ත්‍රය දුර්‍වර්‍ණ ද වේ. දුඃඛස්පර්‍ශ ද වේ. අල්පාර්‍ඝ ද වේ. මහණෙනි, මධ්‍යම වූත් වාකමය වස්ත්‍රය දුර්‍වර්‍ණ ද වේ. දුඃඛස්පර්‍ශ ද වේ. අල්පාර්‍ඝ ද වේ. මහණෙනි, ජීර්‍ණවූත් වාකමය වස්ත්‍රය දුර්‍වර්‍ණ ද වේ. දුඃඛස්පර්‍ශ ද වේ. අල්පාර්‍ඝ ද වේ. මහණෙනි, ජීර්‍ණ වූත් වාකමය වස්ත්‍රය ඉකිලි පිස්නක් හෝ කෙරෙත්. එය කසළගොඩෙහි හෝ බහත්. මහණෙනි, එපරිදි ම නව්‍ය වූත් මහණ දුසිල් වේ ද, පාපස්වභාව ඇතියේ වේ ද, මෙය ඔහුගේ දුර්‍වර්‍ණතායෙහිලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්‍රය ...