මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්වාගත වූ රාජකීය භද්‍ර අශ්වාජානෙය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය ද වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට ද යේ: කවර තුණෙකින යත්: මහණෙනි, එපරිදි ම ධර්‍ම තුණෙකින් සමන්වාගත මහණ ආහුති සඞ්ඛ්‍යාත පිණ්ඩපාතයට නිසි වෙයි. ... සර්‍වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂෙත්‍ර ද වෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ වර්‍ණසම්පන්න ද වෙයි. බලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් වර්‍ණසම්පන්න වේ ද: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සිකපද සමාදන්ව ...
මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්වාගත වූ රාජකීය භද්‍ර අශ්වාජානෙය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට ද යේ: කවර කරුණු තුණෙකින යත්: ... මහණෙනි, එපරිදි ම ධර්‍ම තුණෙකින් සමන්වාගත මහණ ආහුති සඞ්ඛ්‍යාත පිණ්ඩපාතයට නිසි වෙයි. ... සර්‍වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂෙත්‍ර ද වෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ගුණවර්‍ණයෙන් යුක්ත වූයේ ද වෙයි. වීර්‍ය්‍යබලයෙන් යුක්ත වූයේ ද වෙයි. ඥානජවයෙන් යුක්ත වූයේ ද වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ ගුණවර්‍ණයෙන් යුක්ත ...
මහණෙනි, ගුණාඞ්ග තුණෙකින් සමන්වාගත වූ රාජකීය, භද්‍ර ආජානෙය අශ්වයා රජුට නිසි වෙයි. රජුට උපභොග වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යෙයි. කවර අඞ්ග තුණෙකින යත්: ... මහණෙනි, එපරිදි ම ධර්‍ම තුණෙකින් සමන්වාගත මහණ ආහුති සඞ්ඛ්‍යාත පිණ්ඩපාතයට නිසි වෙයි. ප්‍රාඝුණ සඞ්ඛ්‍යාත ආගන්තුග භක්තයට නිසි වෙයි, දක්‍ෂිණාවට නිසි වෙයි. අඤ්ජලිකරණයට නිසි වෙයි. සර්‍වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂෙත්‍ර ද වෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ගුණවර්‍ණයෙන් යුක්ත වූයේ ද වෙයි. වීර්‍ය්‍යබලයෙන් යුක්ත ...
මහණෙනි, මේ පර්‍ෂද්හු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අග්‍රවත් පර්‍ෂද් ය, වර්‍ගපර්‍ෂද් ය, සමග්‍රපර්‍ෂද් යයි. මහණෙනි, අග්‍රවත් පර්‍ෂද් කවර? මහණෙනි, මෙසස්නෙහි යම් පර්‍ෂදයෙක ස්ථවිර භික්‍ෂූහු ප්‍රත්‍යය බාහුල්‍යය නැත්තාහු වෙද් ද, ශික්‍ෂාශාසනය ලිහිල් කොට නො ගන්නාහු වෙද් ද, පඤ්චනීවරණයෙහි හළ ධුර ඇත්තාහු වෙද් ද, ප්‍රවිවෙකයෙහි පූර්‍වඞ්ගම වෙත් ද, නො ලත් විශේෂය ලබනු පිණිස, අනධිගත විශේෂය අධිගම කරණු පිණිස, පසක් නො කළ විශේෂය පසක් කරණු පිණිස වැර අරඹත් ද, ඔවුන්ගේ පශ්චිම ජනතා තොමෝ දෘෂ්ටානූගතියට ...
මහණෙනි, යම් සේ සරත් කාලයෙහි අහස පහ වූ වලා ඇති ව පහන් ව සිටි කල හිරු අහසට නැගෙමින් අහස්හි වන් හැම අඳුරු නසා බබලන්නේ වේ ද, රස් පතුරුවන්නේ වේ ද, දිලෙන්නේ වේ ද. මහණෙනි, එපරිදි ම යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාට රාගාදි රජස් නැති රාගාදි මල නැති ධර්‍මචක්‍ෂුස පහළ වී ද, මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ශ්‍රෝතාපත්තිමාර්ගොත්පාදය සමග ත්‍රිවිධ සංයෝජනයෝ පහව යෙත්. සත්කායදෘෂ්ටිය විචිකිත්සාය ශීලව්‍රතපරාමර්‍ශ යි. අනතුරුව අභිධ්‍යා හා ව්‍යාපාදයෙන් දැයි දෙදහමින් නිර්‍ය්‍යාණය කෙරෙයි. හේ කාමයෙන් වෙන්ව ම ...