අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

3.2.5.2. පවිවෙක සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (10) 5. ලෝණඵල වර්ගය

මහණෙනි, මේ ශාසනයෙහි මහණහට මේ ප්‍රවිවෙකයෝ තුන් දෙනෙක් ඇත. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් ද වෙයි. ඔහුගේ පස්වැදෑරුම් දෞශශීල්‍යය ද ප්‍රහත වෙයි. එයින් විවික්ත ද වෙයි. සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහත වෙයි. එයින් විවික්ත ද වෙයි. ක්‍ෂීණාස්‍රව ද වෙයි. ඔහුගේ ආස්‍රවයෝ ද ප්‍රහත වෙත්. එයින් විවික්ත ද වෙයි. මහණෙනි, යම් කලෙක මහණ සියුපිරිසිදු ශීලයෙන් සිල්වත් වේ ද, ඔහුගේ පස්වැදෑරුම් දෞශශීල්‍යය ප්‍රහත වේ ද, එයින් විවික්තත් වේ ද, සම්‍යග්දෘෂ්ටික වේ ද, ඔහුගේ ...

3.2.5.1. අච්‌චායික සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (10) 5. ලෝණඵල වර්ගය

මහණෙනි, සීසානා ගැහැවිහුගේ මේ අතික් ආවශ්‍යක කෘත්‍යයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, මෙලොව සීසානා ගැහැවි වහ වහා කෙත මොනොවට සානා ලද්දක් පුවරු ගා සම කරණ ලද්දක් කෙරෙයි. වහ වහා කෙත මොනොවට සාට තැනක් මොනොවට පුවරු ගා සම කළ තැනැක් කොට වහ වහා බිජු පිහිටුවයි. වහ වහා බිජු පිහිටුවා වහ වහා දිය එළවීමුදු නෙරීමුදු කෙරෙයි. මහණෙනි, සානා ගැහැවිහුගේ මේ අතික් ආවශ්‍යක කෘත්‍යයෝ තුන් දෙනහ. මහණෙනි, ඒ සානා ගෙහෙවිහුගේ “අද ම මාගේ ධාන්‍යයෝ නැඟෙත්වා, සෙට ...

3.2.4.11. සඞ්‌කවා සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (9) 4. ශ්‍රමණ වර්ගය

කස්බ, ස්ථවිර භික්‍ෂුවෙක් වේ ද, හේ ශික්‍ෂාකාම නො වේ ද, ශික්‍ෂාසමාදානය පිළිබඳ ගුණ කියන්නේ නො වේ ද, ශික්‍ෂාකාම නොවන යම් අන්කිසි සඟහු වෙත් නම්, ඔවුනුදු ශික්‍ෂායෙහි සමාදන් නො කරවා ද, ශික්‍ෂාකාම වූ යම් අන්කිසි සඟහු වෙත් නම්, ඔවුන්ගේ විද්‍යමාන වූ සැබෑ වූ ගුණ නිසි කල්හි නො කියා නම්, කස්බ, මෙබඳු වූ ඒ ස්ථවිර භික්‍ෂුහුගේ ගුණ මම නො කියමි. ඒ කවර හෙයින යත්: “ශාස්තෲන් වහන්සේ වනාහි ඔහුගේ ගුණ වදාරති” යි සෙස්සෝ ඒ මහණ සෙවුනාහුය. යම් මහණ කෙනෙක් ඒ මහණ සෙවුනාහු ද, ඒ මහණහු ඔහු පිළිබඳ ...

3.2.4.10. දුතියසික්‌ඛත්‌තය සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (9) 4. ශ්‍රමණ වර්ගය

මහණෙනි, මේ ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥාශික්‍ෂා යි. මහණෙනි, අධිශීලශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදාන කොට ශික්‍ෂා පදයෙහි හික්මෙයි. මහණෙනි, මේ අධිශීලශික්‍ෂා යි කියනු ලැබේ. මහණෙනි, අධිචිත්තශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... චතුර්‍තථධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, මේ අධිචිත්තශික්‍ෂා යි කියනු ලැබේ. මහණෙනි, අධිප්‍රඥාශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙ සස්නෙහි මහණ ආස්‍රවක්‍ෂය කිරීමෙන් ...

3.2.4.9. පඨමසික්‌ඛත්‌තය සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (9) 4. ශ්‍රමණ වර්ගය

මහණෙනි, මේ ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥා ශික්‍ෂා යි. මහණෙනි, අධිශීලශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදාන කොට සිකපෙදෙහි හික්මෙයි. මහණෙනි, මේ අධිශීලශික්‍ෂා යි කියනු ලැබේ. මහණෙනි, අධිචිත්තශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... චතුර්‍තථධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, මේ අධිචිත්ත ශික්‍ෂා යි කියනු ලැබේ. මහණෙනි, අධිප්‍රඥාශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙසස්නෙහි මහණ “මේ දුකැ” යි ...