අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

3.2.4.8. තතියසික්‌ඛා සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (9) 4. ශ්‍රමණ වර්ගය

මහණෙනි තමනට වැඩ කැමැති කුලපුත්‍රයෝ යමෙකැ හික්මෙත් නම් මේ එබඳු සාධික යෙළසියක් සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සංග්‍රහයට යේනම් මේ එබඳු ශික්‍ෂාවෝ තුන්දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥාශික්‍ෂා යි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සඞ්ග්‍රහයට යේ නම් මේ එබඳු ත්‍රිවිධ ශික්‍ෂාවෝ යි. මහණෙනි, මෙසස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි, සමාධියෙහි පරිපූරකාරී වෙයි, ප්‍රඥායෙහි පරිපූරකාරී වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ ...

3.2.4.7. දුතියසික්‌ඛා සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (9) 4. ශ්‍රමණ වර්ගය

මහණෙනි, තමනට වැඩ කැමැති කුලපුත්‍රයෝ යමෙක්හි හික්මෙත් නම් මේ එබඳු සාධිකයෙළසියක් සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. මහණෙනි, මේ හැම සිකපද යමෙක සංග්‍රහයට යේ නම් එබඳු මේ ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥාශික්‍ෂා යි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සංග්‍රහයට යේ නම් මේ එබඳු ශික්‍ෂාවෝ තුන් දෙනහ. මහණෙනි, මෙ සස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පමණින් කරණ සුලු වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි. හේ යම් ඒ කුදන්කුදු ...

3.2.4.6. පඨමසික්‌ඛා සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (9) 4. ශ්‍රමණ වර්ගය

මහණෙනි, තමනට වැඩ කැමැති කුලපුත්‍රයෝ යමෙක්හි හික්මෙත් නම් එබඳු මේ සාධික යෙළසියක් සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. මහණෙනි, යමෙක මේ හැම සිකපද සංග්‍රහයට යේ නම් මේ එබඳු ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥාශික්‍ෂා යි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සංග්‍රහයට යේ නම් මේ එබඳු ශික්‍ෂාවෝ තුන් දෙනහ. මහණෙනි, මෙ සස්නෙහි මහණ, ශීලයෙහි පරිපූරකාරී වෙයි, සමාධියෙහි පමණින් කරණ සුලු වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි, හේ යම් ඒ කුදන්කුදු ...

3.2.4.5. සෙක්‌ඛ සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (9) 4. ශ්‍රමණ වර්ගය

එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: වහන්ස, ‘ශෛක්‍ෂය, ශෛක්‍ෂය’යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ශෛක්‍ෂ වේ හො යි? මහණ, හික්මේ නු යි එහෙයින් ශෛක්‍ෂය යි කියනු ලැබේ. කුමක් හික්මේ ද? අධිශීලයත් හික්මෙයි. අධිචිත්තයත් හික්මෙයි. අධිප්‍රඥාවත් හික්මෙයි. මහණ හික්මේ නු යි එහෙයින් ශෛක්‍ෂය යි කියනු ලැබේ. 37 අරීමග පිළිපදනා සුලු හික්මෙන ශෛක්‍ෂයාහට පළමුව ලා (ක්ලෙශක්‍ෂය කරණ හෙයින්) ක්‍ෂය නම් ලද මාර්‍ගයෙහි ඥානය උපදනේ ය, ඒ චතුර්‍තථමාර්‍ගඥානයෙන් අනතුරුව අර්‍හත්ත්‍වඵලය ...

3.2.4.4. වජ්‌ජිපුත්‌ත සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (9) 4. ශ්‍රමණ වර්ගය

එකත්පස්ව හුන් ඒ වැදෑපුත් මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: වහන්ස, “සාධික යෙළ සියක් මේ සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. වහන්ස, මම මෙහි හික්මෙන්නට නො පොහොසත්මි” යි. මහණ, අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන් තුන් සිකයෙහි හික්මෙන්නට තෝ පොහොසත්හි? වහන්ස, මම අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන් තුන් සිකයෙහි හික්මෙන්නට පොහොසත්මි. මහණ, එහෙයින් තෝ අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන් තුන් සිකෙහි හික්මෙව. මහණ, යම් හෙයෙකින් තෝ අධිශීලයෙහි හික්මෙහි ද, අධිචිත්තයෙහි හික්මෙහි ද, ...